ගැඹුරු ශිරා ත්‍රොම්බොසිය

ගැඹුරු ශිරා ත්‍රොම්බොසිය ( DVT) යනු ශරීරයේ ගැඹුරු ශිරාවක, සාමාන්‍යයෙන් පාදයේ ශිරාවක රුධිර කැටියක් වර්ධනය වීමයි.

ශිරාවක වර්ධනය වන රුධිරය කැටි ශිරා ත්‍රොම්බෝසිස් ලෙසද හදුන්වනු ලබනවා.

පාදයේ කෙණ්ඩ ප්‍රදේශයේ සහ කලවා ප්‍රදේශයේ මාංශපේෂි අතරින් ගමන් කරන ගැඹුරු හා විශාල ශිරාවක සාමාන්‍යයෙන් DVT ඇතිවීම සිදුවනවා.

එය කකුලේ වේදනාව සහ ඉදිමීම මෙන්ම පෙනහැලි එම්බොලිස්ම් (pulmonary embolism) වැනි සංකූලතාවන් සදහා ද හේතු විය හැකිය. රුධිර කැටියේ කැබැල්ලක් ගැලවී එය රුධිරය දිගේ ගොස් පෙනහැලි වල රුධිර නාලයක් අවහිර කල විට එය ඉතාම බරපතළ තත්ත්වයක් වේ .(පහත බලන්න).

DVT සහ පෙනහැලි එම්බොලිස්ම් (pulmonary embolism) පොදුවේ ශිරා ත්‍රොම්බොඑම්බොලිස්ම් (venous thromboembolism) ලෙස හැදින්වෙනවා.

DVT වල රෝග ලක්ෂණ

සමහර අවස්ථාවන්හිදී DVT වල කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්විය හැක. රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් ඒවා පහත ඒවාද ඇතුළුව:

  • ඔබගේ එක් කකුලක වේදනාව, ඉදිමීම සහ මෘදු ගතිය ( සාමාන්‍යයෙන් කෙණ්ඩ ප්‍රදේශයේ)
  • බලපෑමට ලක්වුන ප්‍රදේශයේ අධික වේදනාව
  • කැටිය ඇති ප්‍රදේශයේ සම උනුසුම් වීම
  • විශේෂයෙන්ම දනහිසට පහලින් කකුලේ පසුපස ප්‍රදේශයේ සම රතු වීම

DVT සාමාන්‍යයෙන් එක් කකුලකට පමණක් බලපායි (සෑම විටම නොවුණත් ). ඔබ කකුලේ පතුල දනහිස දෙසට නවන විට වේදනාව උග්‍ර විය හැක.

පෙනහැලි එම්බොලිස්ම් (pulmonary embolism)

ප්‍රතිකාර නොකලහොත් DVT සෑදී ඇති අය 10න් එක් අයෙකුට පෙනහැලි එම්බොලිස්ම් (pulmonary embolism) වර්ධනය වීමට ඉඩ ඇත. පෙනහැලි එම්බොලිස්ම් (pulmonary embolism) යනු ඉතාම බරපතළ තත්වයකි. එමගින්:

DVT සහ පෙනහැලි එම්බොලිස්ම් ( pulmonary embolism) යන දෙකටම ඉක්මන් පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදු කිරීම අවශ්‍ය වේ. ඔබේ පාදයේ වේදනාවක්, ඉදිමීමක් සහ මෘදු බවක් සහ පපුවේ වේදනාවක් සමග හුස්ම ගැනීමට අපහසුවක් දැනෙන්නේ නම් ඉතාම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි.

DVT ඇතිවීමට හේතු?

ඕනෑම අයෙකුට DVT වර්ධනය විය හැකි අතර වයස අවුරුදු 40ට වැඩි වූ විට වඩා බහුල වේ. වයස මෙන්ම තවත් අවධානම් සාධක ගණනාවක් ද පවතී, ඒවා නම්:

  • මින් පෙර DVT හෝ පෙනහැලි එම්බොලිස්ම් (pulmonary embolism) සෑදී ඇත්නම්
  • රුධිර කැටි ඇතිවීමේ පවුලේ ඉතිහාසයක් ඇති
  • දිගු කාලයක් අක්‍රියශීලී ව සිටීම- ශල්‍යකර්මයකින් පසුව හෝ දිගු ගමනක් අතරතුර
  • රුධිර නාල වලට හානි සිදුවීම- හානි වූ රුධිර නාල බිත්තියක් රුධිර කැටියක් ඇතිවීමට හේතුවක් විය හැක
  • සමහර තත්ත්වයන් හෝ ප්‍රතිකාර ඔබගේ ලේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා පහසුවෙන් කැටි ගැසීමට හේතු වනු ඇත - පිලිකා වැනි තත්වයන් (රසායනික චිකිත්සක ප්‍රතිකාර (chemotherapy)( සහ විකිරණශීලි ප්‍රතිකාර (radiotherapy</1)> ඇතුළු), හෘද හා පෙනහැලි රෝග, සහ ත්‍රොම්බොෆීලියාව(thrombophillia)

    • ගර්භණී භාවය - ගර්භණී කාලයේදී ඔබගේ රුධිරය කැටි ගැසීමට වැඩි නැඹුරුතාවක් දක්වයි
    • ඔබ අධික බර හෝ තරබාරුනම්

සංයුක්ත උපත් පාලන පෙති සහ හෝර්මෝන නැවත ස්ථාපිත කිරීමේ ප්‍රතිකාර (HRT) යන වර්ග දෙකම ඊස්ට්‍රජන් නම් කාන්තා හෝර්මෝන වර්ගය අඩංගු වන අතර එය පහසුවෙන් රුධිරය කැටි ගැසීමට හේතු වේ. ඔබ මේවායින් එකක් හෝ භාවිතා කරන්නේ නම් ඔබේ DVT ඇතිවීමේ අවධානම දල වශයෙන් වැඩිවේ.

DVT රෝගය හදුනා ගැනීම

ඔබට DVT ඇතැයි සිතෙනවා නම් වහාම ඔබේ වෛද්‍යතුමා හමුවන්න - උදාහරණයක් ලෙස ඔබේ කකුලේ අධික කැක්කුමක්, ඉදිමීමක් හෝ වේදනාවක් ඇත්නම්. ඔවුන් ඔබගේ රෝග ලක්ෂණ සහ වෛද්‍ය ඉතිහාසය පිලිබඳව විමසනු ඇත. ඩී ඩයිමර් පරීක්ෂණය (D-dimer test) රෝග ලක්ෂණ වලින් පමණක් DVT රෝගය හදුනා ගැනීම අපහසු වන බැවින් ඩී ඩයිමර් පරීක්ෂණය ( D-dimer test) නැමැති රුධිර පරීක්ෂාවක් සිදු කිරීමට ඔබේ වෛද්‍යවරයා උපදෙස් ලබා දිය හැක. මෙම පරීක්ෂණය මගින් රුධිර කැටියෙන් කැඩී ඔබගේ රුධිරයේ ලිහිල්ව පවතින කැබලි හදුනා ගත හැක. හමුවන කැබලි සංඛ්‍යාව වැඩිවන්නට ඔබගේ ශිරාවේ රුධිර කැටියක් පැවතීමට ඇති හැකියාව වැඩිය. කෙසේ වුවද ඩී ඩයිමර් පරීක්ෂණය (D dimer) සෑම විටම විශ්වාසදායී නොවන්නේ ශල්‍යකර්මයකින් අනතුරුව, තුවාලයකදී හෝ ගර්භණී කාලයේදී ද රුධිර කැටි කැබලි ප්‍රමාණය වැඩි වීම සිදුවන නිසා ය. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් වැනි අමතර පරීක්ෂණ ද DVT රෝග විනිශ්චය සදහා භාවිතා කල හැකියි. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් ඔබගේ ශිරාවේ තිබෙන කැටි හදුනා ගැනීම සදහා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් භාවිතා කල හැක. රුධිර නාලයක් තුලින් කෙතරම් වේගයෙන් රුධිරය ගමන් කරන්නේ ද යන්න සොයා ගැනීම සදහා විශේෂිත අල්ට්‍රාසවුන්ඩ් ක්‍රමයක් වන ඩොප්ලර් අල්ට්‍රාසවුන්ඩ් (doppler ultrasound) යොදා ගත හැකියි. මෙය වෛද්‍යවරයාට රුධිර කැටියක් මගින් රුධිර ගමනාගමනය මන්දගාමී හෝ අවහිර වී ඇත්දැයි හදුනා ගැනීමට ඉවහල් වේ. < වෙනෝග්‍රෑම්(venogram) ඩී ඩයිමර් (D-dime)r පරීක්ෂණයක් මගින් හෝ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් මගින් DVT හදුනාගත නොහැකි වූ විට වෙනෝග්‍රෑම්( venogram) භාවිතා කිරීම සිදුකරයි. වෙනෝග්‍රෑම් (Venogram) අතරතුරදී, කන්ට්‍රාස්ට් ඩයි (contrast dye) නම් දියරයක් ඔබේ කකුලේ ශිරාවක් තුලට එන්නත් කිරීම සිදු කරයි. ඩයි එක පාදය දිගේ ඉහලට ගමන් කරන අතර එහිදි x කිරණ (x-ray<)/0> මගින් ශිරාවේ කැපී පෙනෙන පරතරයක් සහිත ස්ථානය රුධිර කැටිය මගින් රුධිර ගමනාගමනය අවහිර කරන ස්ථානය ලෙස හදුනාගත හැකියි.

DVT සදහා ප්‍රතිකාර

DVT සදහා ප්‍රතිකාර ලෙස ප්‍රතිකැටිකාරක ඖෂධ (anticoagulant medicines) නම් රුධිරයේ කැටි ඇතිවීමේ හැකියාව අඩු කරන සහ පවතින කැටි විශාල වීම වලක්වාලන ඖෂධ වලින් සමන්විත වේ.. හෙපරින්( heparin) සහ වෝෆරින් (warfarin) යන ප්‍රතිකැටිකාරක anticoagulant වර්ග දෙක DVT සදහා ප්‍රතිකාර කිරීමට සාමාන්‍යයෙන් භාවිතා කරයි. තවදුරටත් රුධිරය කැටි ගැසීම වලක්වා ගැනීමට ඉක්මනින් ක්‍රියා කරන නිසා සාමාන්‍යයෙන් හෙපරින් (heparin) ප්‍රථමයෙන් නිර්දේශ කරයි. මෙම මූලික ප්‍රතිකාරයෙන් අනතුරුව තවත් රුධිර කැටියක් ඇතිවීම වලක්වා ගැනීමට ඔබට වෝෆරින් (warfarin) භාවිතා කිරීමට සිදුවිය හැක. සෘජු ලෙස බලපාන ගිලින ප්‍රතිකැටිකාරක (anticoagulant) (DOACs) නම් ප්‍රතිකැටිකාරක (anticoagulant) ගණනාවක් DVT වැනි තත්ත්වයක් සදහා ප්‍රතිකාර කිරීමට යොදා ගනී. මෙම ඖෂධ වලට රිවරොක්සබෑන්<(rivaroxaban)/0> සහ ඇපික්සබන්<(apixaban)/1> ඇතුලත් වන අතර, ඒවා හෙපරින් සහ වෝෆරින් මෙන්ම ඵලදායී වන අතරම බරපතළ අතුරු ආබාධ වලින්ද අඩුයි.

DVT වලක්වා ගැනීම

ඔබට රෝහලකට යාමට අවශ්‍ය වූ විට, ඔබ ලබා ගන්නා ප්‍රතිකාර කුමන වර්ගයේ වුවද ඔබගේ සේවා කණ්ඩායම් සාමාජිකයකු විසින් ඔබ රෝහලකට ඇතුලත් කරන අවස්ථාවේදී ඔබට රුධිර කැටියක් ඇතිවීමේ අවධානම පිලිබඳව තක්සේරු කල යුතුයි. ඔබට DVT ඇතිවීමේ අවධානමක් ඇත්නම්, රුධිර කැටියක් ඇතිවීම වලක්වා ගැනීමට ඔබට කල හැකි දේවල් ගණනාවක් ඇත, ඒවා නම් රෝහලකට යාමට පෙර , සංයුක්ත උපත් පාලන පෙති ගැනීම තාවකාලිකව නතර කිරීම සහ ඔබ රෝහලේ සිටිනා කාලය තුලදී , සම්පීඩක මේස් පැලදීම යන කරුණු දෙකම සිදු කල හැක. ඔබ රෝහලෙන් පිටවන විට නැවත DVT ඇතිවීම වැලැක්වීමට සහ එහි සංකූලතාවන් වර්ධනය වැලැක්වීමට ඔබගේ සේවා කණ්ඩායම විසින් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරනු ඇත. මේවාට ඇතුළත් වන්නේ:

ඇස්පිරින් ගැනීමෙන් ඔබට DVT ඇතිවීම වලක්වාලන බවට සාධක නොමැත. ඔබට DVT ඇතිවීමේ අවධානමක් ඇත්නම්, හෝ ඔබට පෙරදී DVT සෑදී ඇත්නම් දිගු දුර ගමනක් යාමට පෙර ඔබගේ වෛද්‍යවරයා හමු වී උපදෙස් ලබා ගන්න. ඔබ ගුවනින්, දුම්රියෙන් හෝ මෝටර් රථයෙන් දිගු දුර ගමනක් (පැය 6කට වඩා වැඩි) යාමේදී, ප්‍රමාණවත් තරම් වතුර පානය කිරීම,[සරල පා ව්‍යායාම ](https://www.nhs.uk/live-well/healthy-body/prevent-dvt-when-you-travel/#while you're travelling)වල යෙදීම සහ විටින් විට කෙටි පා ගමන් විරාම වල යෙදීම වැනි ක්‍රියාකාරකම් මගින් DVT ඇතිවීමේ අවධානම අඩු කරගත යුතුයි.