කොවිඩ් - 19

කොවිඩ් - 19 රෝගය (කොරෝනා) අලූතින් සොයා ගන්නා ලද කොරෝනා වයිරස් විශේෂයකින් සෑදෙන බෝවන රෝගයකි.

කොවිඩ් - 19( කොරෝනා වෛරසය) ආසාදනය වන බොහෝ දෙනෙකු ට මෘදු අවස්ථාවේ සිට මධ්‍යස්ථ අවස්ථාව දක්වා ස්වසන රෝග ඇති කරන අතර විශේෂ ප්‍රතිකාරයකින් තොරව සුවය ලබයි. වයසක උදවිය සහ හෘද රෝග, දියවැඩියාව, දරුණු ශ්වසන රෝග ඇති පුද්ගලයින් සහ පිළිකා රෝගීන් යන වෙනත් රෝගාබාධ ඇති පුද්ගලයින් බොහෝ විට බරපතළ තත්ත්වයට පත්විය හැක.

මෙම රෝගයෙන් වැළකීම සහ සම්ප්‍රේෂණය වීම අවම කිරීම සඳහා හොඳම ක්‍රමය වනුයේ කොවිඩ් - 19(කොරෝනා) වෛරසය ,රෝගයට හේතු සහ එය පැතිර යාම පිළිබඳව හොඳින් දැනුවත් වීම ය. ඔබගේ අත් නිතර සේදීමෙන් හෝ ඇල්කොහොල් සහිත දියරයකින් අත් පිසදා ගැනීමෙන් සහ ඔබගේ මුහුණ ඇල්ලීමෙන් වැළකී සිටීමෙන්, ඔබ සහ අන් අය මෙම ආසාදනයෙන් වලක්වාගත හැක. ආසාදිතයකු ගේ කෙළ බිඳිති ,සොටු දියර, කිවිසුම් හෝ කැස්ස මගින්, කොවිඩ් - 19 වෛරසය (කොරෝනා) මූලික වශයෙන් ව්‍යාප්ත වේ.

මේ අවස්ථාවේ මේ රෝගය සඳහා විශේෂිත වූ එන්නත් හෝ ප්‍රතිකාර නැත. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය ප්‍රතිකාර සඳහා සායනික ඇගයීම් බොහොමයක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.

මොකක්ද මේ කොරෝනා වෛරසය?

කොරෝනා වයිරස් යනු සතුන් සහ මිනිසුන් අතර ඇති වන රෝගවලට හේතු වන වයිරස් වල විශාල පවුලකි. මිනිසුන් ගේ ස්වසන පද්ධතියේ ආසාදන තත්වයක් වන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට බොහෝ උග්‍ර ස්වසන පද්ධතියේ රෝග වන middle East respiratory syndrome (MERS), severe acute respiratory syndrome (SARS) වැනි පරාසයකින් ඇති කිරීම සඳහා බොහෝ කොරෝනා වයිරස් හේතුවේ. කොරෝනා වෛරස් හේතුවෙන් සෑදෙන ඉතාමත් මෑතකදී සොයාගත් කොරෝනා වෛරස් රෝගය කොවිඩ් - 19 වේ

මොකක්ද කොවිඩ් - 19

කොවිඩ් - 19 යනු ඉතා මෑතකදී සොයාගත් කොරෝනා වෛරස් හේතුවෙන් බෝවන රෝගයකි. මෙම නව වෛරසය සහ රෝගය 2019 දෙසැම්බර් මාසයේ චීනයේ වුහාන් නගරයේ පැතිරීමට පෙර දැන සිටියේ නැත. කොවිඩ් - 19 රෝගය දැනට ලෝකයේ බොහෝ රටවල් වලට බලපාඇති වසංගතයකි