කොවිඩ් - 19

කොවිඩ් -19 ආසාදිත කාන්තාවකට සිසේරියන් සැත්කමක් මගින් දරුවා බිහි කිරීම අවශ්‍ය වේද?

නැත. වෛද්‍ය හේතූන් මත පමණක් සිසේරියන් සැත්කමක් සිදුකළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙනු ලැබේ. උපත් ක්‍රමය පුද්ගලීකරණය කලයුතු අතර කාන්තාවගේ මනාපය, ප්‍රසව හා නාරිවේදය මත පදනම් විය යුතුය.

කොවිඩ්- 19 රෝගය වැළඳී ඇත්නම් මට මාගේ අලුත උපන් දරුවා ස්පර්ශ කිරීමට හෝ වඩා ගැනීමට හැකිවේද?

ඔව්. මවගේ මුල් සමීප සම්බන්ධතා සහ සුවිශේෂී මව්කිරි දීම දරුවා ශක්තිමත් වීමට උපකාරී වේ. ඔබ උදව් කළ යුතුය.

  • හොඳ ස්වසන පුරුදු ඇතිව ප්‍රවේශමෙන් මව්කිරි දීම.
  • ඔබගේ දරුවා තුරුල්කර ගැනීම සහ
  • ඔබගේ දරුවා සමග එක කාමරයක සිටීම

ඔබ ඔබේ දරුවා ඇල්ලීමට පෙර සහ පසු ඔබගේ අත් දෙක හොඳින් සෝදා ගත යුතුය. එමෙන්ම මතුපිටවල් සියල්ල නිතර නිතර පවිත්‍ර කරන්න.

කොවිඩ් -19 රෝගය මව්කිරි හරහා සම්ප්‍රේෂණය විය හැකිද?

සක්‍රීය කොවිඩ් -19 (ආසාදනයට ලක් වීමට හේතු වූ වෛරසය). මව්කිරි තුළින් හෝ මව්කිරි දීමෙන් සම්ප්‍රේෂණය වන බවට මෙතෙක් අනාවරණය වී නැත. මව්කිරි දීම නැවැත්වීම හෝ වැළකීමට හේතුවක් නැත.

කොවිඩ්-19 රෝගය මව ගෙන් ඇයගේ නූපන් දරුවාට හෝ අලුත උපන් දරුවාට සම්ප්‍රේෂණය විය හැකිද?

කොවිඩ්-19 වෛරස වැළඳී ඇති ගර්භනී කාන්තාවක ගෙන් ඇයගේ කලලයට හෝ දරුවාට‍ ගර්භනී කාලයේ හෝ බබා මෙලොව එළිය දකින විට හෝ මෙම වෛරස් සම්ප්‍රේෂණය විය හැකිද යන්න මෙතෙක් නොදනී. මෙම ක්‍රියාකාරී වයිරස් amniotic තරලයේ හෝ මව් කිරි වල මෙතෙක් හමු වී නැත.

කොවිඩ් - 19 කාලය තුළ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය යනු කාන්තාවන්ගේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි. මෙය කොයි වෙලාවෙද කොහේද හෝ කෙසේද යන්න ප්‍රශ්නයක් නොවේ. කාන්තාව සහ ඇයගේ දරුවන් ට ඇතිවිය හැකි, ෘණාත්මක සෞඛ්‍ය ප්‍රතිවිපාක සඳහා කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වයේ නොයෙක් වර්ග ඇත. කාන්තාවට එරෙහිව ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵල ලෙස අනතුරු සිදුවීම සහ ඉතා බරපතළ ශාරීරික, මානසික, ලිංගික සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන, ඒඩ්ස් AIDS සහ සැලසුම් රහිත ගර්භනී තත්ත්ව ඇතුළු ප්‍රජනක සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැක. ඉතා බරපතළ අවස්ථාවලදී කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵලයක් ලෙස මරණයද සිදුවිය හැක. බොහෝවිට ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵල ජීවිතයේ බොහෝ කාලයක් පැවතිය හැක. කාන්තාවගේ ජීවිතයේ ඉදිරි කාලය තුළදීම මෙම සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය බලපානු ඇත. විශේෂයෙන් මෙම කොවිඩ් - 19 වසංගතය පැතිරෙන අවස්ථාවේදී කාන්තාව සහ ඇගේ දරුවන්ට මුහුණදීමට සිදුවන ්ප්‍රචණ්ඩත්වයේ අනතුරු ගණන් නොගෙන සිටිය නොහැක.

මෙම ප්‍රචණ්ඩත්වයෙන් කාන්තාව ආරක්ෂා කර ගැනීමට සහ කාන්තාවගේ ශාරීරික ,මානසික පැවැත්ම සහ සමාජ යහපැවැත්ම සඳහා ජීවිත කාලය තුළදීම, උදව් කිරීමට අපි ඉලක්ක කරගත යුතුයි. දැනටමත් දිගු කර ඇති අත්‍යවශ්‍ය මහජන සේවාවන් සඳහා වන පීඩනය සමනය කිරීමට මෙය උපකාරී වේ.