කොවිඩ් - 19

කොවිඩ් - 19 රෝගයේ, රෝග ලක්ෂණ මොනවාද?

කොවිඩ් -19 රෝගයේ පොදු ලක්ෂණ ලෙස උන, වියළි කැස්ස සහ මහන්සිය දැක්විය හැක. වෙනත් රෝග ලක්ෂණ ලෙස සහ සමහර රෝගීන්ට පමණක් ඇතිවිය හැකියි රෝග ලක්ෂණ ලෙස, කැක්කුම්, වේදනා, නාසය සිරවීම, හිසරදය, ඇස් රතු වීම, උගුරේ අමාරුව, පාචනය, කෑම අරුචිය හෝ ගඳ සුවඳ නොදැනීම, සමෙහි කුෂ්ටයක් ඇතිවීම, පාදයේ ඇඟිලි වල හෝ අතේ ඇඟිලි වල අව පැහැයක් ඇතිවීම දැක්විය හැක. මෙම රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් මෘදු හා ක්‍රමයෙන් ආරම්භ වේ. සමහර ආසාදිත රෝගීන්ට ඉතා මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

බොහෝ දෙනෙක් (80%ක් පමණ) රෝහල් ගත වීමකින් තොරවම මෙම රෝගයෙන් සුවය ලබයි. සාමාන්‍යයෙන් සෑම රෝගීන් පස් දෙනෙක්ගෙන් එක් අයෙක් බරපතළ රෝගාතුර තත්ත්වයට පත්වී හුස්ම ගැනීමේ අපහසුතාවයට පත්විය හැක. වයස්ගත පුද්ගලයින් සහ අධික රුධිර පීඩනය, හදවත් සහ පෙනහලු ප්‍රශ්න, දියවැඩියාව හෝ පිළිකා වැනි වෛද්‍ය ගැටලු ඇති රෝගීන් ට වැඩි අවදානමක් ඇති අතර මේ අයට බරපතළ රෝග තත්ත්ව දක්වා මෙම රෝගය වර්ධනය විය හැක. කෙසේ වෙතත් ඕනෑම කෙනෙකුට කොවිඩ් -19 වැලඳිය හැකි අතර එමගින් බරපතළ ලෙස රෝගාතුර විය හැක. උන සහ/හෝ හුස්ම ගැනීමේ අපහසුතාවය සමග කැස්ස,. පපුවේ වේදනාව/ තද ගතිය හෝ කතා කිරීමේ අපහසුතාවය හෝ ඇවිදීමේ අපහසුතාවය ඇති සෑම වයස් කාණ්ඩයකට ම අයත් ඡනතාව ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. හැකිනම් පළමුවෙන් සෞඛ්‍ය සේවා සපයන්නන් ට දුරකථනය මගින් කතාකර නියමිත ස්ථානයට යොමු කර ගන්නා ලෙස නිර්දේශ කරනු ලැබේ.

මට කොවිඩ්-19 රෝග ලක්ෂණ ඇත්නම් මා කළ යුත්තේ කුමක්ද?

ඔබට කැස්ස හෝ සුළු උන වැනි සුළු රෝග ලක්ෂණ ඇත්නම් සාමාන්‍යයෙන් වෛද්‍ය ප්‍රතිකාර පැතිය යුතු නැත. ඔබගේ රෝග ලක්ෂණ අධීක්ෂණය කරන ගමන් හුදෙකලාවී නිවසේ සිටින්න. ස්වයං හුදකලාව පිළිබඳ ජාතික උපදෙස් අනුගමනය කරන්න. කෙසේ වෙතත් ඔබ මැලේරියා හෝ ඩෙංගු උන පවතින ප්‍රදේශයක ජීවත් වන්නේ නම් ඔබ ඔබගේ රෝග ලක්ෂණ නොසලකා හරින්න එපා. එය ඉතාම වැදගත්. වෛද්‍ය උපදෙස් ලබාගන්න. ඔබ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට යන්නේ නම්, මුඛ ආවරණයක් පැළඳීම, අවම වශයෙන් අනිත් අයගෙන් මීටර් එකක දුරකින් සිටීම, සහ අහල පහල ඇති පෘෂ්ඨයන් ඔබේ අතින් ඇල්ලීමෙන් වලකින්න. රෝගියා දරුවෙක් නම් මෙම උපදෙස් පිළිපදින ලෙස දරුවාට උපදෙස් දෙන්න.

ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවක් හෝ පපුවේ වේදනාවක්/ තදවීමක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න . හැකිනම් පළමුවෙන් ඔබගේ සෞඛ්‍ය සේවා සපයන්නන් හට දුරකථනයෙන් කතා කර උපදෙස් ලබා ගන්න. එවිට ඔහු හෝ ඇය ඔබව නියමිත තැනට යොමු කරනු ඇත.