කොවිඩ් - 19

කොවිඩ් - 19 රෝගය පැතිරීම පිළිබඳ ව ඔබගේ ජාතික හ ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරියේ නවතම දැනුවත් කිරීම් වලට අනුව, දැනුවත් වන්න. ලෝකයේ බොහෝ රටවල්වල කෝව්ඩ් - 19 රෝගීන් දක්නට ලැබෙන අතර බොහෝමයක පැතිරෙමින් පවතී. චීනයේ බලධාරීන් සහ අනිත් සමහර රටවල මෙම රෝගය පැතිරීම අඩු කරගැනීමට සමත් වී ඇත.

සරල ක්‍රියාමාර්ගයන් කීපයක් අනුගමනය කිරීමෙන් ඔබට මෙම රෝගය සෑදීමේ හෝ පැතිරීමේ අවස්ථාව අඩුකරගත හැක.

  • නිතරම ඔබගේ දෑත් ඇල්කොහොල් අඩංගු ද්‍රාවණයක් මගින් හොඳින් පිරිසිදු කරගැනීම හෝ සබන් යොදා නිතර අත් සේදීම. ඒ ඇයි? සබන් යොදා වතුරෙන් ඔබගේ අත් සේදීම හෝ ඇල්කොහොල් සහිත ද්‍රාවනයකින් ඔබගේ අත් දෙක පිරිසිදු කිරීම මගින් ඔබගේ අත් දෙකේ තිබිය හැකියි වෛරස් මරණයට පත් කළ හැක.
  • ඔබ සහ අන් අය අතර දුර අවම වශයෙන් මීටර් එකක් වත් තබා ගන්න. ඒ ඇයි? යම් කෙනෙක් කහින විට කිවිසුම් අරින විට හෝ කතා කරන විට ඔවුන්ගේ නාසයෙන් හෝ මුඛයෙන් කුඩා දිය බිඳිති එලියට විසි වන අතර ඒවායේ වෛරස් තිබීමට පුළුවන. ඔබ රෝගී පුද්ගලයෙකුට ඉතාමත් ළඟින් සිටියේ නම් ඔබ හුස්ම ගන්නා විට එම දිය බිඳිති වල කොවිඩ් - 19 වෛරස් ද අන්තර්ගතව තිබිය හැක.
  • ජනාකීර්ණ ස්ථානවලට යෑමෙන් වළකින්න. ඒ ඇයි? ජනාකීර්ණ ස්ථානවල මිනිසුන් එකට එක්ව සිටින නිසා ඔබට මීටරයක දුර පාලනය කරගැනීම අපහසු වන බැවින් කොවිඩ් - 19 රෝගියකු සමඟ පහසුවෙන් සම්බන්ධ විය හැක.
  • ඔබගේ ඇස් නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වලකින්න. ඒ ඇයි? ඔබගේ අත් දෙකෙන් නොයෙක් තැන් ස්පර්ශ කරන නිසා එමගින් ඔබගේ අත්වල වෛරස් තැවරිය හැක. වරක් අපවිත්‍ර වූ අත්වලින් මෙම වෛරස් ඔබගේ ඇස්, නාසය හෝ මුඛය ට මාරුවිය හැක. එමගින් ඔබගේ ශරීරයට මෙම වෛරස් ඇතුළු විය හැකි ඇති අතර එමගින් ඔබ ආසාදනය විය හැක.
  • ඔබ සහ ඔබ වටේ සිටින අය හොද ස්වසන සනීපාරක්ෂාව අනුගමනය කරන බවට වග බලා ගන්න මෙහි තේරුම ඔබ කිවිසුම් යවන විට හෝ කහිනවිට, ඔබගේ මුඛය සහ නාසය , නවන ලද ඔබගේ වැලමිට මගින් හෝ ටිෂූ එකකින් හොඳින් වසාගන්න. ඉන්පසු ඉක්මනින් ටිෂූ එක ආරක්ෂිත ස්ථානයකට විසිකර ඔබගේ අත් දෙක සෝදගන්න. ඒ ඇයි? දිය බිඳිති වෛරස් පතුරුවයි. හොඳ ස්වසන සනීපාරක්ෂාවක් පවත්වාගැනීම තුළින් ඔබ ,ඔබ වටා ඉන්නා අය සෙම්ප්‍රතිශ්‍යාව, උන වැනි වෛරස් වලින් සහ කොවිඩ් - 19 වෛරස් වලින් ද ආරක්ෂා කරයි.
  • කැස්ස ,හිසේ කැක්කුම, මද උන, වැනි මෘදු රෝග ලක්ෂණ හෝ ඔබට ඇත්නම්, ඒවා සුව වන තුරු ස්වයං හුදකලා ව් නිවසේ රැඳෙන්න. යම් අයෙකු ලවා ඔබ වෙත සේවාවන් සපයා ගන්න. ඔබට නිවසෙන් බැහැරව යාමට අවශ්‍ය නම් , අන් අයට ආසාදනය පැතිරීම වලක්වීම සඳහා (මාස්ක් එකක්) මුඛ ආවරණයක් පළඳින්න. ඒ ඇයි? අනිත් පුද්ගලයන් සමග සම්බන්ධ වීමෙන් වැළකී සිටීමට ඔබට හැකිනම්, කෝවිඩ් -19 වෛරස සහ අනිත් වයිරස්වලින් ඒ පුද්ගලයන් ආරක්ෂා කරගත හැක.
  • ඔබට උන, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුවක් පවතී නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. නමුත් හැකි සෑම විටම දුරකතනයෙන් උපදෙස් ගැනීමට සහ ඔබගේ ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරිය මගින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කිරීමට වග බලා ගන්න. ඒ ඇයි? ජාතික සහ ප්‍රාදේශීය ආයතන වලීන් ඔබගේ ප්‍රදේශයෙහි අද දිනට පවතින තත්ත්වය පිළිබඳව නිවැරදි විස්තර ලබාගත හැක. කල්තියාම දුරකථන ඇමතුමක් ලබාගැනීමෙන්, ඔබව ඉක්මනින් නියමිත තැනට යොමු කිරීමට සෞඛ්‍ය සේවා සපයන්නාට හැකිවනු ඇත. මෙමගින් ඔබව ආරක්ෂා වනවා පමණක් නොව අන් අයට වෛරස් සහ අනෙකුත් ආසාදන පැතිරයාම වළක්වා ගැනීමට උපකාරී වේ.
  • WHO, ඔබගේ ප්‍රාදේශීය සහ ජාතික සෞඛ්‍ය බලධාරීන් වැනි විශ්වාසදායි මුලාශ්‍ර වලින් මේ පිලිබඳ තොරතුරු යාවත්කාලීන කර ගන්න. ඒ ඇයි ? ඔබගේ ප්‍රදේශයේ ජනතාවට ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා කල යුතු දේ පිළිබඳව උපදෙස් ලබාගනීමට සුදුසුම වන්නේ ඔබගේ ජාතික සහ ප්‍රාදේශීය බලධාරීන් ය.