කොවිඩ් - 19

කොවිඩ් - 19 රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට හෝ මෙම රෝගයෙන් වැළකී සිටීමට ඖෂධ තිබේද ?

මෙම රෝගයෙන් වැලකි සිටීමට හෝ සුව වීමට (hydroxychloroquine) හෝ වෙනත් ඖෂධ වර්ග භාවිතා කිරීම පිළිබඳව දැනට කිසිම සාක්ෂියක් නොමැත. (hydroxychloroquine) අවභාවිතාවය හේතුවෙන් බරපතල අතුරු ආබාධ, රෝග සහ මරණය පවා ඇතිවිය හැක.

මාගේ ආහාර වේලට හෝ සුප් වලට මිරිස් එකතු කර ගැනීමෙන් මෙම රෝගයෙන් වැලකී සිටීමට හෝ සුව වීමට හැකි වේද?

නැහැ. ඔබගේ ආහාරයේ ඇති සැර මිරිස් රසවත් වුවද, මෙම රෝගයෙන් වැළකීමට හෝ සුව වීමට එමගින් හැකියාවක් නැත.

බ්ලිච් හෝ වෙනත් විෂබීජ නාශක ද්‍රව්‍ය ඔබගේ ශරීරය තුලට ඉසීම හෝ හඳුන්වාදීම මගින් කොවිඩ් -19 රෝගයෙන් ආරක්ෂා විය හැකිද ?

කිසිම හේතුවක් නිසා වත් බ්ලිච් (bleach) හෝ වෙනත් විෂබීජ නාශක ද්‍රව්‍යයක් ඔබගේ ශරීරය ට හඳුන්වාදීම හෝ ඉසීම කරන්න එපා. මෙම ද්‍රව්‍ය වල ඇති විෂ අවශෝෂණය වීමෙන් ඔබගේ ඇස් වලට සහ සමට හානි සිදුවේ. බ්ලිච් (bleach) සහ විෂබීජ නාශක ඉතා ප්‍රවේශමෙන් පාවිච්චි කල යුත්තේ මතු පිටවල් විෂබිජහරණය කිරීම සඳහා පමණි. ක්ලෝරීන් (bleach) සහ අනෙකුත් විෂබීජ නාශක දරුවන්ට ලඟා විය නොහැකි සේ තබා ගැනීමට අමතක කරන්න එපා.

සූර්යාට නිරාවරණය වීම මඟින් හෝ, 25c ට වඩා වැඩි උෂ්ණත්වයක් මඟින්ඔබට කොවිඩ් - 19 රෝගයෙන් වැළකීමට හැකි වේද?

කාලගුණය කොතරම් යහපත් හෝ උණුසුම් වුවද ඔබට කොවිඩ් -19 රෝගය වැළඳීමට පුළුවන. මෙම රෝගයෙන් ඔබ, ආරක්ෂා වීමට නම් ඔබගේ දෙඅත් නිතර හොඳින් පිරිසිදුව තබා ගැනීම සහ ඔබගේ ඇස්, කට සහ නාසය ඇල්ලීමෙන් වලකින්න.

වරක් අසාදනය වීමෙන් පසු මෙම රෝගය ජීවිත කාලය පුරාවටම පවතීද ?

මෙම කොවිඩ් -19 රෝගය වැළඳුන බොහෝ දෙනෙක් සුව වී ඔවුන්ගේ ශරීරයෙන් වෛරස් ඉවත් කරයි. ඔබට මෙම රෝගය වැලඳුනේ නම්, එම රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීමට වග බල ගන්න. ඔබට කැස්ස, උන සහ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම් මුල් කාලයේම වෛද්‍ය උපදෙස් පතන්න. නමුත් පළමුව දුරකතනයෙන් උපදෙස් ගැනීමට අමතක කරන්න එපා. බොහොමයක් රෝගීන් සුව වී ඇත. උපකාරක සේවා වලට ස්තුති.

මගේ ආශ්වාස වාතය විනාඩි 10ක් තද කර තබා ගත හැකි නම්, එයින් කියවෙන්නේ මට කොවිඩ් -19 රෝගය වැළඳී නැති බවද?

කොවිඩ් -19 රෝගයේ බොහෝ පොදු රෝග ලක්ෂණ වන්නේ වියලි කැස්ස, මහන්සි ගතිය සහ උන ය. සමහර පුද්ගලයින්ට නියුමෝනියාව වැනි ඉතා බරපතල තත්වයන් ඇති විය හැක. කොවිඩ් - 19 රෝගයේ වෛරස් ඔබගේ ශරීර ගත වී ඇතිද යන්න දැන ගැනීමේ හොදම ක්‍රමය වන්නේ රසායනාගාර පරීක්ෂාවන් ය. මෙම හුස්ම ගැනීමේ ව්‍යායාමය තුලින් ඔබට මෙම රෝගය වැලඳී තිබේ ද යන්න තහවුරු කර ගත නොහැක.

උණු වතුර ස්නානය කිරීම මඟින් මෙම කොවිඩ් -19 රෝගයෙන් වැළකී සිටීමට හැකි වේද?

උණු වතුර ස්නානය කිරීම මඟින් මෙම කොවිඩ් -19 රෝගයෙන් ඔබට වැළකී සිටීමට නොහැක. ඔබ නාන වතුරේ උෂ්ණත්වය කෙසේ වුවද ඔබගේ ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය 36.5c සිට 37c දක්වා ප්‍රමාණයක පවතී. ඇත්තටම ඉතා තද රස්නය ඇති වතුරෙන් නෑම නිසා ඔබගේ සම පිච්චීමට පුළුවන. මෙම රෝගයෙන් වැලකි සිටීමට ඉතාමත් හොදම ක්‍රමය වනුයේ ඔබගේ දෙඅත් පිරිසිදු කර ගැනීමය. මෙසේ කිරීමෙන් ඔබගේ අත් වල තැවරී ඇති වෛරස් සෝදා ඉවත් කල හැකි වන අතර හැකි තරම් ඔබගේ ඇස්, නාසය සහ මුඛය ඇල්ලීමෙන් ද වැලකී සිටින්න.

මදුරුවන් මගින් කොරෝනා වෛරස් බෝ විය හැකිද?

අද වනතුරු මදුරුවන් මගින් මෙම නව කොරෝන වයිරසය බෝවීමක් පිළිබඳව තොරතුරු හෝ සාක්ෂි ලැබී නැත. ස්වසන වෛරසයක් වන මෙම නව කොරෝනා වෛරසය මූලික වශයෙන් පැතිරෙන්නේ ආසාදිත පුද්ගලයකුගේ කැස්ස හෝ කිවිසුම් මගින් පිටවන කෙළ බිඳිති හෝ සොටු දියර වල ඇති බිඳිති වලිනි.

සුදු ලුනු ආහාරයට ගැනීම, මට කොරෝනා වෛරසය වැළඳීම වළක්වා ගැනීමට උපකාරී වේද?

සුදුලූනු යනු සමහර ක්‍ෂුද්‍රජීවී නාශක ද්‍රව්‍ය අඩංගුවී තිබිය හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරයකි. කෙසේ වෙතත් මෙම වෛරසය පැතිරෙමින් පවතින මේ අවස්ථාවේ දී සුදු ලූනු ආහාරයට ගැනීම නිසා ජනතාව මෙම නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වී ඇති බවට සාක්ෂි නැත.

නව කොරෝනා වෛරසය වයස්ගත පුද්ගලයන්ට බලපාන්නේද හෝ තරුණ අයටද වැළදිය හැකිද?

සියලුම වයස් වල ජනතාව ට මෙම නව කොරෝනා වෛරස් රෝගය වැළඳිය හැක.( 2019-nCoV) වයස්ගත පුද්ගලයන් සහ ඇස්මා, දියවැඩියාව හෘද රෝග වැනි රෝග ඇති පුද්ගලයින් ට මෙම රෝගය වැළඳුනහොත් ඉතා වැඩි අවදානම් තත්ත්වයට පත්විය හැක. හොඳින් අත් සේදීමේ පුරුද්ද සහ හොඳ ස්වශන පුරුද්ද වැනි පුරුදු ඇති කර ගැනීම මගින් තම තමන් මෙම රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සෑම වයස් කාණ්ඩයකම ජනතාවට උපදෙස් දෙනු ලැබේ.

නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට සහ ප්‍රතිකාර සඳහා ප්‍රති ජීවක ඖෂධ වල බලපෑමක් තිබේද ?

නැත. වෛරස් වලට එරෙහිව ප්‍රතිජීවක ඖෂධ ක්‍රියා නොකරයි. බැක්ටීරියා වලට එරෙහිව පමණක් ප්‍රතිජීවක ඖෂධ ක්‍රියා කරයි. මෙම නව කොරෝනා වයිරස් රෝගය (2019-nCoV) යනු වෛරස් රෝගයක් බැවින් මෙම රෝගයෙන් වැළකීමට හෝ මෙම රෝගය සඳහා ප්‍රතිකාර ලෙස හෝ ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි නොකළ යුතුය. කෙසේ වෙතත් ඔබට මෙම නව කොරෝනා වෛරසය වැළදී රෝහල් ගතවී සිටියදී සමහරවිට ප්‍රතිජීවක ඖෂධ ලබා දිය හැක. ඒ මෙම රෝගය නිසා ඇතිවන බැක්ටීරියා සම ආසාදන තත්ත්වය ඇති විය හැකි නිසාය.